දින 100ක් දිය යට වාසය කරන විද්‍යාඥයා . . .

දින 100 ක කාලයක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ ගත කිරීමේ උත්සහයක නිරත විද්‍යාඥයෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඔහු නමින් ජෝෂප් දිතුරි ය, එසේම ඔහු වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර කිමිඳුම් ගවේෂකයෙකු බව ද වාර්තා වී තිබෙනවා.

මොහුගේ මෙම පර්යේෂණයේ අරමුණ වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම ලබාදීම බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ වනවිට රැඳී සිටින්නේ, අමෙරිකාවේ කී ලාගෝ හි අඩි 30ක් ගැඹුරින් මුහුදු පත්ලේ පිහිටා ඇති ජූල්ස් හෝටලය තුළය.

අමෙරිකානු සාගර සම්පත් සංවර්ධනය කිරීමේ පදනමක් මගින් අනුග්‍රහය දක්වන නෙප්චුන් හන්ඩ්‍රස් (‘Project Neptune 100’) නම් ව්‍යාපෘතිය යටතේ ඔහු එහි රැඳී සිටිනවා.

ජෝෂප් දිතුරි සාගර පත්ලේ පිහිටි ස්ථානය වෙත පැමිණියේ පසුගිය මාර්තු මාසයේ වන අතර ඔහු මේ වනවිට එහි දින 74ක කාලයක් රැඳී සිට තිබෙනවා.

එසේම ඔහු දින 100 සම්පූර්ණ කිරීම සඳහා  ලබන ජුනි මස 9 වැනිදා දක්වා සාගර පතුලේ හෝටල් කාමරයේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස් ගමන් තහනම ඉවතට . . .

Wed May 17 , 2023
ගෝල්ෆේස් ආශ්‍රිතව පසුගිය මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමති පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පිරිසට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) නියෝග කර තිබේ. මෙම නියෝගය ආගමන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x