ධීවර වරායේ ඩෙංගු කීටයින් . . .

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව සිදුකල මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ. වෙරළ ආරක්ෂක බළකායට අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා උපයෝගී කරගනිමින් මෙහෙයුම සිදුකර ඇත.

බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ධීවර පවුල් කිහිපයක් ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් සොයාබැලීමේදී බේරුවල ධීවර වරාය මුල්කර ගනිමින් රෝගය බෝවන බවට නිරීක්ෂණයවී මෙහෙයුම සිදුකර ඇති බව සදහන් වේ.

ඒ අනුව දැඩිලෙස සෞඛ්‍ය උපදෙස් කඩකල බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට නඩු පැවරූ බවත් , අනෙක් ධීවර යාත්‍රා හිමිකරුවන්ට අවවාද කල බවත් සදහන් වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට . . .

Tue May 16 , 2023
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ. මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x