ප්‍රවීන නර්තනාචාරිණී පද්මිණි දහනායක අභාවප්‍රාප්තවේ . . .

දේශීය නර්තන සම්ප්‍රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.

සැඩ සුළං, දරුවා කාගෙද, සුජාතා ඇතුළු සිංහල සිනමාවේ මුල් කාලීන චිත්‍රපට රැසක නර්තන ශිල්පිනියක් වූ ඇය නැටුම් අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කර තිබේ. නැ‌ටුම් ඉගනීමට කැමති අය සදහා නර්තන පාසලක්ද ඇය ඇරඹුවාය.

මියයන විට 81 වැනි වියේ පසුවූ දහනායක මහත්මිය අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායක මොරිස් දහනායක‌ මහතාගේ නැගණියක්ද වේ.

ඇයගේ දේහය හෙට (17) උදෑසන 9.00 සිට අනිද්දා (18) සවස 5.00 දක්වා බොරැල්ල ඒ.එන් රේමන්ඩ් මල් ශෘලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (18) සවස 5.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කරන බව ඇයගේ දියණිය වන ප්‍රවීන නර්තනාචාරිණී රංගනා ආරියදාස මහත්මිය පැවසුවාය.

  • සමන්ත යහම්පත් සහහ ආරියරත්න රණබාහු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දොස්තර ෂාෆිගේ පෙත්සම ඉවතට . . .

Tue May 16 , 2023
තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන්  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x