විදෙස් ගමන් තහනම ඉවතට . . .

ගෝල්ෆේස් ආශ්‍රිතව පසුගිය මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමති පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පිරිසට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) නියෝග කර තිබේ.

මෙම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසත් විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් ය. එමෙන්ම සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනමද ඉදිරි දින දක්වා අමතර රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයේ රීට් අයදුම්පත් ගොනුකර ඇති බවත් ඊට අදාළව ගොනුව ලද බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොරෙන් රට පනින්න ගිය ග්‍රාම නිලධාරින් . . .

Wed May 17 , 2023
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට  උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නව දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ  කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි . අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සහ සැකකාරියන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x