විභාග දෙපාර්තමේන්තුවට චෝදනාවක් . . .

සති තුනකට අඩු කාලයකදී උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිම් සිදුකළත් ප්‍රතිඵල නිකුත් කිරිමට කල් ගතවන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ආකාර්යක්ෂමතාව හේතුවෙන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරිමෙන් පසු කෙටි කාලයක් තුළ එහි ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළයුතු බවයි. මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුව ඇති බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ හෙට සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

මේ අතර සිය දීමනා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමත් සමඟ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට ගුරුවරුන්ගේ දායකත්වය මේ වනවිට ලබාදී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

කෙසේ වෙතත් එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ මීට පෙර පැවැත්වු විභාගවල ඇගයීම් කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ට අදාළ ගෙවීම් මෙතෙක් සිදු කර නොමැති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයිස් බෙදූ බන්ධනාගාර ජේලර්වරයකු අත්අඩංගුවට . . .

Wed May 17 , 2023
අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත්අඩංගුවට  ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.  ඔහුගෙන් ලබ තොරතුරු මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x