හොරෙන් රට පනින්න ගිය ග්‍රාම නිලධාරින් . . .

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට  උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නව දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ  කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි .

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සහ සැකකාරියන් යාපනය වවුනියාව, මුලතිව් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 36 33 ,34 ,සහ 22 යන වයස්වල පසුවන අය වෙති  . අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙදරේරු සහ කම්කරු වෘත්තියේ  නිරතව සිටින අය යැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා . . .

Wed May 17 , 2023
වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම කර තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එම්.එස්. චාල්ස්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන්  පත් කර සිටිති. අංජුල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x