ප්‍රවීණ ගායක ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්තවේ . . .

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට  87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

අවුරුදු එක හමාරක පමණ කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර අද දින (18)උදෑසන කාලයේ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා…

මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩවෙලා…

යන එතුමන්ගේ ජනප්‍රිය ගීතයන් ප්‍රේක්ෂක හදවත් වැළඳ ගන්න සමත් විය.

දශක හයකටත් වඩා වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ඒ සොඳුරු ගායකයා ක්‍රිස්ටෝපර් පෝල්, මේ ගීතයට අමතරව,

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා..

රුවන් තොරණ තනා රන් තැඹිලි පොකුරු ගසා..

ඇළ දොළ ගංගා යාවි ගලා..

උදේ ගෙදර පුංචි යුද්ධයක්..

වැනි අතිශය ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා.

ජීවන ගමනේ අසූතුන්වැනි විය ලබන තෙක්ම තරුණයකු සේ ජව සම්පන්නව රූපවාහිනියේ, ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනු ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් ඉකුත් වසර කිහිපයේ කිසිම මාධ්‍යයක් තුළින් අපට දැක ගන්නට ලැබුනේ නැහැ. ඒ ඔහු රෝගාතුරව වී එක්තැන්ව සිටීම නිසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ කොටි සැමරුමක් . . .

Thu May 18 , 2023
බොරැල්ල මංසන්ධිය අද පැවැති සැමරුමක් අතරතුරු උණුසුම් තත්ත්වයක් ඇති ව තිබේ. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් ඇතුළු පිරිසක් යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සැමරීම සඳහා බොරැල්ල මංසන්ධියේ මෙම සැමරුම පැවැත්විය. යුද හමුදාව, පොලීසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x