හමුදා නීතිය නොතකා සෙබලියන් උද්ඝෝෂණයක . . .

කොකාවිල් සිට වව්නියාව  මැදවච්චියට ලබා දී ඇති  ස්ථාන මාරුවකට එරෙහිව  කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන්  කඳවුර අසල මාර්ගයේ 16 සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

යුද හමුදා නීතියට අනුව එසේ කල නොහැකි වුවද ඉතිහාසයේ හමුදා සෙබළියන්  පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථාව මෙය විය.

විරෝධතාවයේ නිරත වූ යුදහමුදා කාන්තා සෙබලියන් කියා සිටියේ, ‘2012 වසරේ සිට  කොකාවිල් කදවුරේ මේවන තෙක් සෙබළියන් 129  දෙනෙකු සේවය කරන අතර එම සෙබලියන්ට වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කොට  ආසන්න වෙනත්  කඳවුරක ට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසටය.

මේ සම්බන්ධයෙන් යුදහමුදාවේ කිලිනොච්චියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාල පිරිස් යුදහමුදා පුහුණූව පූර්ණ වශයෙන් ලබාදුන් සෙබලියන් නොවන බවටත් යම් යම් ව්‍යපෘති වෙනුවෙන්  හමුදාගත පදනම යටතේ බඳවාගත් පිරිසක් බවයි.

කෙසේ වෙතත් අදාල සෙබලියන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කොට නොමැති අතරම සෙබළියන්ට ඔවුන්  පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇතිව  තිබියදී කිසිවකුගේ ආසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවටය.

එමෙන්ම යුදහමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට  සහභාගි වීම පසුරා තහනම්ව පවතින අතරවාරයේදී මෙම පිරිස් නොදැනුවත්කම මත මෙලෙස විරෝධතාවයක නිරත වන්නේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශනයක් අරඹා ඇතැයිද වාර්ථා වෙයි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසන්ත මුදලිගේ ඉවතට . . .

Thu May 18 , 2023
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිතයි. පසුගිය 14 (ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව දන්වා ඇත. මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇත. සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත. පසුගිය කාලයේ අන්තර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x