ධාතු කරඬුව සොරකම් කළ යුවළක් අත්අඩංගුවට . . .

කල්දමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමවූ නෙළුම් මලක හැඩයෙන් යුත් ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

එම ධාතු කරඬුව සොරා ගන්නා විට එය උණු කර තිබූ බවත් ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 170 බරින් යුත් රන් ගුලියක් පොලිසිය මඟින් සොයාගෙන ඇත. ඉකුත් ජනවාරි 18 වෙනි දින මෙම සොරකම සිදුකර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක ඉංගිරියෙ පදිංචි පුද්ගලයෙක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 38 ක පිළියන්දල පදිංචිකාරියකි. සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 120ක හෙරොයින් දකුණු මුහුදේදී අල්ලයි . . .

Fri May 19 , 2023
දකුණු ගැඹුරු මුහුදේ සිට යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 18) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට වැඩි ප්‍රමාණයක් මෙම යාත්‍රාව තුළ තිබී ඇති බව කියන නාවික හමුදාව එහි වටිනාකම රුපියල් කෝටි 120කට අධික බව පවසයි. එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x