වෙළෙඳපොළට එන බුලත් ටොෆිය . . .

බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට අතුරු වගා හා බුලත් පර්‌යේෂණ ආයතනයට හැකි වූ බව අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පැවසුවාය.

බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ සාර්ථකවී ඇති අතර හුනු සහ දුම්කොළ සමග බුලත් විට හැපීමට පුරුදුව සිටින පුද්ගලයන්ට එයට ආදේශකයක් ලෙසද වෙළෙඳපොළේ ඇති අධික සීනි සහ ආහාර වර්ණක යෙදූ ටොෆී වර්ග වෙනුවට කුඩා දරුවන්ට ලබා දිය හැකි ටොෆි වර්ගයක් ලෙසද මෙය හඳුන්වා දෙනු ලබයි.

බුලත් නිස්සාරණය කර ලබාගන්නා තෙල්, සීනි, ග්ලූකෝස් සහ වතුර වැනි ද්‍රව්‍ය කිහිපයක් යොදා ගනිමින් මෙය නිෂ්පාදනය කළ හැකි බවත්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මෙන්ම පිළිකා වැළැක්වීමේ ගුණයක් බුලත්වලට පවතින බැවින් මෙම ටොෆි භාවිතයෙන් සෞඛ්‍යමය වාසිද පවතින බව අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

සීනි සහ ජලය යොදා මදගින්නේ හැඳිගාමින් සීනි හොඳින් දියකර ගත් පසු ග්ලූකෝස් එක්කර එම මිශ්‍රණය නූල් ඇදෙන පදමට පත් වූ පසු සෙට්‍රික් ඇසිඩ් සහ නිස්සාරණය කරගත් බුලත් තෙල් යොදා මිශ්‍ර කර ටොෆි අච්චුවක දමා නිවුණු පසු ටොෆි කොළවල එතීම කළ හැකි බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.

අමුද්‍රව්‍ය කීපයක් භාවිත කර අවම වේලාවකින් සැකසිය හැකි බැවින් මෙය ස්වයං රැකියාවක් ලෙස ඕනෑම අයකුට කළ හැකි බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් තම ආයතනය හරහා අවශ්‍ය දැනුම සහ පුහුණුව දීමට හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

  •  නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල ව්‍යාපෘතියේ හදිසි ගින්නක් . . .

Fri May 19 , 2023
අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබේ. අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බඩ තොගයක් එහි තිබූ බව වාර්තා වෙයි. මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබියදීයි.  අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය අරණායක උස්සාපිටිය මහජන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x