හොර පාරෙන් පාස්පෝට් හදන්න මුදල් ලබාගත් තැරව්කරුවන් අත්අඩංගුවට . . .

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  රැදී  සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත්  තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා  පැමිණෙන  පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන්   සකස් කරන්න පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ  ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත. ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී    පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන්  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා  දැනුම් දී ඇත.

  • ඉන්දිකා  රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙළෙඳපොළට එන බුලත් ටොෆිය . . .

Fri May 19 , 2023
බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට අතුරු වගා හා බුලත් පර්‌යේෂණ ආයතනයට හැකි වූ බව අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පැවසුවාය. බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ සාර්ථකවී ඇති අතර හුනු සහ දුම්කොළ සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x