කෝටි 4 ක රත්තරන් රේගුව භාරයට . . .

ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී පරීක්‍ෂා කිරීමේ රත්තරන් කම්බි ලෙස සකස් කර බඩු මලු තුනක සඟවා තිබියදී සොයාගත් බවත් එම රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 43 කට අධික බවත් රේගුව කියයි.

ගුවන් තොටුපළ රේගුව අදාල රත්තරන් තොගය රාජසන්තක කර රුපියල් ලක්‍ෂ 12 ක දඩයක් පනවා අදාල පුද්ගලයා නිදහස් කළ බව ද රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ රාගම රෝහලට . . .

Fri May 19 , 2023
කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රාගම රෝහලට පැමිණියේය. එහිදී විපක්ෂනායකවරයා  වසන්ත මුදලිගේ මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x