ඩෙංගු මර්ධනයට ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසී . . .

අද (20) මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම සිදුකෙරුණි. එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථානවෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලැබීය.

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,419 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් වැඩිම රෝගීන් සංඛාවක් වන රෝගීන් 7,978 දෙනෙක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,411ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා රෝගීන් 2,121 දෙනෙක් වාර්තා වී තිබේ. මෙවැනි පසුබිමක ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා සිදුකරන සෝදිසි කිරීම් තවදුරටත් සිදුකෙ‍රේ.

බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සඳහන් කළේ, “ජලය ඉවත් කරන්න බැරි තැන්වලට තමයි අපි කීට නාශක ඉසින්නේ. අපි මෙතනදි භාවිත කරන රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් ඉන්න මදුරු කීටයොත් විනාශ වෙනවා. ඒ තැන්වල මදුරුවන් ආපසු අලුතිත් බිත්තර දැමීමක් සිදුකරන්නෙත් නැහැ.”

මෙම වැඩසටහන දැනට රට තුළ තිබෙන තත්ත්වය පහව යනතෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය දෛනිකව කොළඹ, කළුතර සහ ගම්පහ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙතම ලබාදීමට ද සැලසුම් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බලය අවභාවිතා කරමින් මහීපාල බිරිඳගේ නමට ඉඩම් ගනී . . .

Sat May 20 , 2023
උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් තම බලය අවභාවිතා කරමින් බිරිඳගෙන් නමට අනුරාධපුරයේ වැව් රක්ෂිතයක යාබද ඉඩම් කොටසක් පවරාගෙන ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. නුවරගම්පළාත කටුකැලියාව ප්‍රදේශයේ ගල්කඩවල මාවතේ මෙම ඉඩම පිහිටා ඇත. නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඉඩම් කැබැල්ල මහීපාල හේරත් ගේ බිරිඳගේ නමට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x