බලය අවභාවිතා කරමින් මහීපාල බිරිඳගේ නමට ඉඩම් ගනී . . .

උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් තම බලය අවභාවිතා කරමින් බිරිඳගෙන් නමට අනුරාධපුරයේ වැව් රක්ෂිතයක යාබද ඉඩම් කොටසක් පවරාගෙන ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. නුවරගම්පළාත කටුකැලියාව ප්‍රදේශයේ ගල්කඩවල මාවතේ මෙම ඉඩම පිහිටා ඇත.

නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඉඩම් කැබැල්ල මහීපාල හේරත් ගේ බිරිඳගේ නමට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇතැයි ද සඳහන්ය. මෙම ඉඩම් කොටස සැලසුම් සහගත ආකාරයට පවා පවරා ගෙන ඇත්තේ ඒ ආසන්නයේ ඇති අක්කර තුනක වැව් රක්ෂිතයක් පත්කර ගැනීම ඉලක්ක කරගෙන විය හැකි බව ද ‘අපි පුරවැසියෝ’ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු  කියා සිටියේය.

මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව නඩු බවරන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් නුවරවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ නුවරගම් පළාතේ පැවති ඉඩම් කච්චේරියට මෙම කාන්තාව ද බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඇය ආණ්ඩුකාරවරයාගේ බිරිඳ බව හඳුනා ගත්තේ පසුව බවත්ය.

ආණ්ඩුකාරවරකුට රජයේ ඉඩම් බදු දෙන්න දිය නොහැකි බවට තමන් දන්නා තරමින් නීතියක් නැති බව ද පැවසූ ඔහු අදාළ බදු මුදල් රජයට අය කරගෙන එම ඉඩම් කොටස් ඉඩම් ලබාදීමට ඉඩම් කච්චේරිය කටයුතු කර ඇති බව ද තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

5G දුරකථන සංඥා මගින් ශ්‍රී මහා බෝධියට කිසිදු හානියක් නෑ . . .

Sat May 20 , 2023
5G තාක්ෂණය සඳහා යොදා ගන්නා තරංග හේතුවෙන්ද අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු හානියක් සිදු නොවන්නේ යයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව අතුරු වාර්තා මගින් සඳහන් කර තිබේ. 5G තාක්ෂණය සඳහා නිකුත් කරන තරංග මඟින් ශ්‍රී මහා බෝධියට හානි සිදුවන බවත් එහි පත්‍ර හැලී කද කහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x