5G දුරකථන සංඥා මගින් ශ්‍රී මහා බෝධියට කිසිදු හානියක් නෑ . . .

5G තාක්ෂණය සඳහා යොදා ගන්නා තරංග හේතුවෙන්ද අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු හානියක් සිදු නොවන්නේ යයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව අතුරු වාර්තා මගින් සඳහන් කර තිබේ.

5G තාක්ෂණය සඳහා නිකුත් කරන තරංග මඟින් ශ්‍රී මහා බෝධියට හානි සිදුවන බවත් එහි පත්‍ර හැලී කද කහ පැහැ ගෙන ඇති බවටත් සමාජ ජාල වලින් චෝදනා එල්ල වීම මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

ජනාධිපතිවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කමිටුවක් පත් කර තිබිණි. අදාළ කමිටු වාර්තාව මගින් දැනුම් දී ඇත්තේ මෙම දුරකථන සංඥා මගින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු හානියක් නැති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරු හදිසි තත්ත්වයක් මවාපාමින් කෙරෙන දැවැන්ත දූෂණ . . .

Sat May 20 , 2023
මෙරට ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව වාර්තා තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරයි. බොරු හදිසි තත්ත්වයක් මවාපාමින් ප්‍රසම්පාදනයකින් තොරව ඉන්ධන පොහොර ගෑස් මිල දී ගැනීමේ දී දැවැන්ත දූෂණයක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පැවැසීය. යූරියා මිලදී ගැනීමේදීද දූෂණ ක්රියාවලියක් සිදුවෙමින් පවතින බවද පැවසූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x