මොහු ගැන දන්නවා නම් පොලීසියට කියන්න . . .

අවිස්සාවේල්ල ලංගම බස් නැවතුම්පොළේ නගරසභා ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවි හා උපාංග අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වෙත රාත්‍රීකාලයේ දී ඇතුළු වූ පුද්ගලයෙක් එහි දේපළ සොරකම් කර තිබේ.

එම දේපළ සොරකම් කරන අයුරු සිසිටිවි කැමරාවේ සටහන්ව තිබිණි. වෙළෙඳසැලට ඇතුළුවන පුද්ගලයා ගිණිකූරු දල්වමින් දේපල සොරකම් කරන අයුරු එහි සටහන් වේ.

ඉකුත් කාලයේ පුරා මේ ආකාරයෙන් අවිස්සාවේල්ලේ තවත් ජංගම දුරකතන අලෙවි සැල් දෙකක සොරකම් සිදුකර තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු වෙත 0718591423 දුරකථන අංකය හරහා දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

  • බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මීපේ හයිඩ්‍රාමනී වසා දමයි . . .

Sun May 21 , 2023
මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇගලුම් කර්මාන්තශාලාව සිය මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ. මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීම සඳහා වන පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඒ අනුව එහි සේවක සේවිකාවන් 1080 ක පමණ සේවය අවසන් කිරීමට හෝ ඔවුනගේ වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x