ලෙඩ මන්ත්‍රී රක්‍ෂණය මිලියනයක් . . .

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් (රු. 1,000,000) දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තබේ.

මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු බවද අගමැති සිය කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇත.

වෛද්‍ය පහසුකම් සඳහා වර්තමානයේ අයකරන ගාස්තු සහ ඖෂධවල මිල ගණන් සලකා බලා දැනට පවතින රක්ෂණාවරණයේ සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය මිලියනයක් දක්වා වැඩි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන සිය යෝජනාවෙන් සඳහන් කර ඇත. අගමැති විසින් 2022 වසරේ නොවැම්බර් මස 21 වැනිදා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතියද හිමි ව තිබේ..

ඉකුත් වසරේ (2022) අගෝස්තු මස 20 වැනිදා සිට මේ වසරේ (2023) අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රක්ෂණ බිල්පත් 57ක් ලැබී ඇති අතර, ඒ සඳහා ගෙවීමට නියමිත මුදල රුපියල් අනූහත් ලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය හැට එකක් (9,775,461.64). බවද මේ අතර අනාවරණය වේ.

මෙලෙස රක්ෂණාවරණය ප්‍රමාණවත් නොවීම මත ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ජනාධිපති අරමුදලින්ද වෛද්‍යාධාර සලසාදී තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිටකොටුවේ හෝටල් 05ක් වසා දමයි . . .

Mon May 22 , 2023
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා. ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x