සූර් වූ බස් රියදුරන් තිදෙනා පොලිස් දැලේ . . .

මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු  රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි.

බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත ට ලද තොරතුරකට අනුව මෙම හදිසි  වැටලීම සිදුකර  ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් ලැබූ බස් රථවල විශාල මගින් ප්‍රමාණයක් ගමන් ගත් බව පොලිසිය කියයි.

එහිදී  මත්ද්‍රව්‍ය ශරීර ගතවී ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් රුධිර සාම්පල වලින් ඒ බව තහවුරු වූ බව පොලීසිය කියයි. එම සැකකාර රියදුරන්ට බස්රථ ලබාදුන් හිමිකරුවන් පොලිසියට ගෙන්වා  බස් රථයක් ලබා දීමේදී රියදුරා සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකර  බස් රථ ධාවනයට ලබා දී මගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීමට  ඔහුට ද දැඩි වගකීමක් තිබෙන බවට අවවාද කරමින් බස් රථ ලබා දීමට පියවර ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

සැකකාර රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිල් මැණිකට වීදුරු ගලක් තියා මාරුවෙලා . . .

Sun May 21 , 2023
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . කෝටිපති ශ්‍රී ලාංකිකයකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x