CEYPETCO පිරවුම්හල් 150ක් සයිනොපෙක් සමාගමට . . .

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ සයිනොපෙක් (Sinopec) සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (22) සිදුවිය.

එහිදී දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට සයිනොපෙක් කටයුතු කරනු ඇත.

වසර 20ක කාලයක් වෙනුවෙන් සයිනොපෙක් සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍රය මේ අනුව හිමිවනු ඇත.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තාවන් අලෙවිකරන ස්ථානයක් වටලයි . . .

Tue May 23 , 2023
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර ආයතනයේ හිමිකරු, වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයකු සහ ගණිකා වෘත්තීයේ නියැලීමට සූදානමින් සිටි කතුන් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි. එම කාන්තාවන් දෙදෙනා අගලවත්ත සහ බණ්ඩාරගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x