අලි සබ්‍රි ලක්‍ෂ 75 දඩය ගෙවා පාර්ලිමේන්තුවටත් යයි . . .

නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි. 

රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව කියයි. මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ  අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත්  රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය .

මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය . . .

Wed May 24 , 2023
ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානයෙන් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අයිස්ක්‍රීම් එකක මිල ඇමෙරිකා ඩොලර් 6,696 ක් ලෙස සටහන් වේ. ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බව එම සමාගම පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x