චන්දයට ඉවත් වූ රාජ්‍ය සේවකයින් නැවත සේවයට . . .

පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක එම්.එච්. මන්සිල් ඇතුළු 2023 පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් පිරිසක් එක්ව සිටියහ.

නිදහස් චතුරස්‍රය අසළ සිට පා ගමනින් පැමිණ පිරිස අමාත්‍යංශ්‍ය ඉදිරිපිට රැදී සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුලු පිරිසක් අමාත්‍යංශයේ ලේකම් හමුවී සංදේශය භාරදීම සඳහා අමාත්‍යංශය වෙත ගියහ.

  • මුදිතා දයානන්ද / ළහිරු හර්ෂණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගී යාත්‍රාවක් අනතුරට ලක්වේ . . .

Wed May 24 , 2023
යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත. නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී  අදාල මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x