බොද වූ කොරියානු සිහිනය . . .

කොරියාවේ රැකියා සඳහා නියමිත දින පිටත් නොවීම හේතුවෙන් ඊයේ (23) කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනාගේ රැකියා අවදානමට ලක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත.

දකුණු කොරියාව බලා ඊයේ (23) රාත්‍රී පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 470 ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 10 ක කාලයක් ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ පිළිබඳ දකුණු කොරියානු මානව සම්පත් ආයතනය සමඟ සාකච්ඡා කර ඔවුන් ලබා දෙන නව දිනය එම ශ්‍රමිකයන් 48 දෙනාට දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චන්දයට ඉවත් වූ රාජ්‍ය සේවකයින් නැවත සේවයට . . .

Wed May 24 , 2023
පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x