ජනාධිපති හිතවතුන්ගේ බොල් ණය . . .

ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම  (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් හෙතෙම කීය.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම. ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා. ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ. ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ යැයි කීය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා
– Divaina

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්‍රි රහීම්ට ඉල්ලා අස් වෙන්න කියයි . . .

Fri May 26 , 2023
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත්,  පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x