අලි සබ්‍රි රහීම් ගුවනින් නීතිවිරෝධී භාණ්ඩ නිතර ගෙනෙන අයෙක් . . .

රත්රන් සහ ජංගම දුරකතන නීති විරෝධී ආකාරයට ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒම දී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මීට පෙර ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහු කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මීට පෙරත් නීතිවිරෝධී ආකාරයෙන් රත්රන් ඇතුළු භාණ්ඩ රට තුළට ගෙනවිත් ඇතැයි ද තොරතුරු ලැබී ඇත.

මෙවර ඔහු රුපියල් කෝටි 7කට අධික රත්රන් හා ජංගම දුරකථන නීති විරෝධී ලෙස ගෙනවිත් ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ හෝ කණ්ඩායමක කොන්ත්‍රාත්තුවකට බවට තොරතුරු ලැබී ඇත.

එම භාණ්ඩ ගෙන ඒම සඳහා මන්ත්‍රීවරයාට එම ව්‍යාපාරිකයන්ගෙන් විශාල මුදලක් ලැබෙන බවටද හෙලි වී තිබේ.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝසිට ජනාධිපති උපදේශක තනතුරක් . . .

Thu May 25 , 2023
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක ට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබේ. ඇයට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරයයි. මෙය ලබා දී ඇත්තේ ගරු තනතුරක් ලෙස වන අතර එම තනතුරට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබයි. තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x