ඌරු මස් කන්නේ බලාගෙනයි . . .

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි. බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බව වාර්තා වෙයි.

ඌරු ගොවිපොල ආශ්‍රිතව ව්‍යාප්ත වන PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගනු ලැබීය. එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ඌරන්ට ලබාදීම හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය වී තිබුණි.

එලෙස පාලනයවීම නිසා ඌරු ගොවිපොල හිමියන් එන්නත් ලබාදීම මෑතකාලීනව නවතා දැමීම හේතුවෙන් යළිත් වසංගත තත්ත්වය උග්‍රවී ඇති බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.

බස්නාහිර පළාත ආශ්‍රිතව මෙය උග්‍ර අතට හැරී ඇති අතර ගලේවෙල, වහකෝට්ටේ, මාතලේ, යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ඌරු ගොවිපලවල් ආශ්‍රිතවද මෙම තත්ත්වය ව්‍යාප්ත වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

G L උසාවි යයි . . .

Sat May 27 , 2023
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. තමන් එම පක්ෂයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x