කංසා වගා කිරීමට අවසර . . .

නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමට විශේෂඥ අවසරය ලැබුණු බව ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි. ආයෝජන මණ්ඩල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට අවසර ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවෘත්ති නිවේදිකා රත්නා පුෂ්ප කුමාරි අභාවප්‍රාප්තවේ . . .

Sun May 28 , 2023
80 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළ, අභිප්‍රේරණ උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය පිළිකා රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව සිටියා. වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් අතරට ගොස් වැඩමුළු පැවැත්වීම මගින්ද මුද්‍රිත හා විද්‍යුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x