මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් . . .

රුසියාවේ මොස්කව් නගරයට අද (30) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභානි සිදුව ඇත.

ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් අලාභානි වූ මහල් නිවාස ගොඩනැගිලි දෙකක පදිංචිකරුවන් එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට නගරාධිපති සර්ගේ සොබ්යානින් කටයුතු කර තිබේ.කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිලිවල පදිංචි පුද්ගලයන් කිසිවකුටත් දරුණු තුවාල සිදුව නැතැයි රුසියානු බලධාරීන් පවසා ඇත.

පුද්ගලයන් දෙදෙනකුට පමණක් ප්‍රථමාධාර ලබා දුන් බවත් කිසිවෙකුත් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර නොමැති බවත් රුසියානු බලධාරීන් පෙන්වා දී තිබේ.මෙම ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යුක්රේනය බාර ගත යුතු බව රුසියාව පවසා ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රිගේ සොහොයුරාගේ කෝටියක් වටිනා මුද්දක් සොරාගනී . . .

Tue May 30 , 2023
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සොහොයුරාගේ (චමින්ද සිරිසේන) රුපියල් කෝටියක් පමණ වටිනා දියමන්තියක් ඇල්ලූ රන් මුද්දක් සහ ඩොලර් පන්දාහක් රැගෙන ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පලා ගිය පුවතක් පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලොන්නරුව පොලිසියට ඊයේ (29 දා) දිනයේ වාර්තා වූ බවයි පැවසෙන්නේ. මෙම සිද්ධිය සැලවීමත් සමග පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x