වහලය උඩ උපවාස කල සිරකරුවෙකු අධික අව්රශ්මියෙන් රෝගීවේ . . .

යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් එම සිරකරු රෝහලගත කල බවට බන්ධනාගාර නිලධාරීන් පැවසූහ.

අදාල සිරකරු මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු  අහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරුකර යවන මෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත. අනතුරුව අදාල සිරකරු විසින් බන්ධනාගාරයේ වහලට නැග තමන් වෙනත් බන්ධනාගාරයකට මාරුකරන ලෙසටත් එතෙක් වහලයෙන් නොබසින බවටත් පවසමින් ආහාරද වර්ජනය කරමින් විරෝධතාවයේ නිරතව ඇත.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය බලපෑ අධික පෑවිල්ලත් සමග බලපෑ අධික අව්රශ්මිය සිරකරුට ඉවසාගත නොහැකි වීමෙන් විජලන තත්වයට පත්ව ඇත. පසුව බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන ඉතා අසීරුවෙන් වහලයෙන් බස්සවා ගැනීමට පියවර ගන්නා ලදි.

කෙසේ වෙතත් අදාල සිරකරු විජලන තත්වයෙන් සිටීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබීය.

  • වන්නි රොමේෂ් මධුෂංඛ

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රන් මිල තව දුරටත් පහළට . . .

Tue May 30 , 2023
අද දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ, අනුව මිල ගණන් මෙන්න. 🔸 රන් අවුන්ස (Gold Ounce) Rs. 578,361.00 🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 20,410.00 🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.163,250.00 🔸 කැරට් 22 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x