ශවේන්ද්‍ර අපහාස වන්දි ඉල්ලයි . . .

තමන්ට සිදුකළ අපහාසය සඳහා වන්දි ගෙවන ලෙස පවසමින් ආරක්ෂක මණ්ඩල ප්‍රදානය හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ට නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබේ.

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයකට ශවේන්ද‍්‍ර සිල්වා සම්බන්ධ බවට ‘නවය සැඟවුණු කතාව ග‍්‍රන්ථය’ එළි දැක්වීමේ උත්සවයේ දී විරවංශ මන්ත්‍රීවරයා අසත්‍ය චෝදනා එල්ල කළ බව ද එම ලිපියේ දැක්වේ.

එමෙන්ම රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක දී මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රීවරයා මෙවන් අසත්‍ය ප්‍රකාශ කළ බව නීතිඥවරුන් සිය ලිපිය මගින් කියා සිටියි.

අදාල මන්ත්‍රී වන්දි මුදල නොගෙවන්නේ නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ ලිපිය මගින් තවදුරටත් දන්වා ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට පුරා ඉන්ධන පෝලිම් . . .

Fri Jun 2 , 2023
  මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x