ඔඩිෂා දුම්රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව 300ක් . . .

නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ, බලසෝර් නගරයේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් බව ය.

ඊයේ (ජූනි 2) සිදු වූ මෙම ව්‍යසනයෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 261 දෙනෙකු මියගොස් 1000 දෙනෙකු තුවාල ලබා ඇති බව එම වාර්තාවල දැක්වේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදු කරන බව ත් මරණ සංඛ්‍යාව තව දුරට ත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ත් ප්‍රාන්ත ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

බලධාරීන් සඳහන් කර ඇත්තේ, ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ගිලන් රථ 200කට අධික සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ කිහිපයක් ද යොදා ගෙන ඇති බව ය.

පීලි පැන ප්‍රතිවිරුද්ධ මාර්ගයට පෙරළී තිබූ මගී දුම්රියක මැදිරිවල තවත් මගී දුම්රියක් ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බව ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත.

ඉන් දුම්රිය දෙක ම පීලි පැනීමට ලක්වී තිබේ. අනතුරුව භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද ඒවායේ ගැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, අනතුරින් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් සහ බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබා දීමට ද තීරණය කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවට සුපිරි ජයක් . . .

Sun Jun 4 , 2023
ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x