ජීව උණ්ඩ නිෂ්පාදනයට යුද්ධ හමුදාව සැරසේ . . .

සැහැල්ලු ආයුධ සඳහා ජීව උණ්ඩ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරියේ පියවර ගනු ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට යුද්ධ හමුදාවට අයත් වේයන්ගොඩ පිහිටි නිෂ්පාදන කම්හලේ හමුදා භට පිරිස් සඳහා අවශ්‍ය නිල ඇඳුම්, සටන් හිස් වැසුම්, බොඩි ආමර් ආදිය නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී දෙවන අදියර ලෙස මෙම පතරොම් නිෂ්පාදනය කිරීමට යුද්ධ හමුදාව සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් සඳහන් කළේ, ඒ සඳහා නිපුණත්වය ඇති නිලධාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටින බව ය.

දෙවන අදියර යටතේ සැහැල්ලු ආයුධ සඳහා ජීව උණ්ඩ (පතරොම්) නිෂ්පාදනය කිරීම ඇරඹුවහොත් විශාල විදේශ විනිමයක් රටින් පිටව යාම වළකා ගත හැකි බව ත් වාර්තා වේ.

සැහැල්ලු අවි අතරට නයින් එම්.එම්. පිස්තෝල, ටී. 56 වර්ගයේ ගිනිඅවි සහ එල්.එම්.ජී. තුවක්කු ද ඇතුළත් වේ. මෙම සැහැල්ලු අවි සඳහා අවශ්‍ය පතරොම් මෙතෙක් ගෙන්වනු ලැබුවේ විදෙස් රටවල්වලිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි . . .

Sat Jun 3 , 2023
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය. වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x