කෝටි 35ක මැණිකක් සමඟ “චාටර් චූටි” අත්අඩංගුවට . . .

මීගොඩ පොලිස් වසමේ ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොරකම් කරන ලද රු රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් “චාටර් චූටි” නැමැති සැකකරුවෙක්  හෙරොයින් පාර්සලයක් සමගින් අද (04) දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

ඉකුත් වෙසක් පොහෝ දින සැකකරු විසින් මෙම සොරකම සිදුකර තිබුනු අතර අදාල මැණික විකිණීමට භාර ගත් ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලෙහි හැඩය වෙනස් කිරීමට භාර ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 300 ක් ද සොයා ගත් බව ත් සැකකරු දැඩි ලෙස හෙරොයින් පානයට හුරු වූ අයෙකු බවත් නිවාසවලට පැන සොරකම් කිරීම පුරුද්දක් ලෙස සිදු කර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර අදාල මැණික විකිණීමට බාර ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලේ හැඩය වෙනස් කිරීමට භාර ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 68 හැවිරිදි පුද්ගලයකු වන බවද පොලිසිය පවසයි

ඉකුත් වෙසක් පොහොය දින ප්‍රධාන සැකකරු විසින් අදාල ව්‍යාපාරිකයාගේ නිවසට සොරෙන් ඇතුලු වී  රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා බව කියන රත්‍රං භාණ්ඩ සහ මෙම මැණික සොරකම් කර තිබුණි.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මානව හිමිකම් කොමිෂන් කාර්යාලයට සීල් තියයි . . .

Sun Jun 4 , 2023
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට පොලීසිය විසින් මූද්‍රා තබා පොලිස් ආරක්ෂාව ද යොදා ඇත. ඒ හේතුවෙන් විවිධ කටයුතු සඳහා එහි පැමිණෙන මහජනතාව අපහසුතාවයට ලක්ව තිබේ. ඉකුත් 29 දා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලිසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුට ඇති දීමට නොහැකි වන ලෙස මුද්‍රා තබා පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x