කොළඹ පැරණි ගොඩනැගිලි ජෝර්ජියා ආයෝජකයන්ට . . .

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන  සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5)  පැවැත්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ  ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති  හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝගියෙකු කැබිලිත්තට හෙලිකොප්ටරයකින් එයි . . .

Mon Jun 5 , 2023
පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ නීති විරෝධී කටයුත්තක් කිරීමට හෙළිකොප්ටරයෙන් පිරිසක් පැමිණි බවට ප්‍රදේශවාසීන් සැක කිරීම නිසා මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබූ බවයි. පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයකින් එසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x