බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටේ . . .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බවයි.

ඊයේ (04) සවස මංතීරු හතරකින් යුත් මෙම පාලම කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා.

පාලම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 1,700ක් වන අතර ඉදිවෙමින් පවතින විට කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවද සඳහන් කර තිබෙනවා පාලම අසල සේවයේ නියුතු මුරකරුවෙකු අතුරුදහන් වී ඇති අතර, ඔහු සොයා ගැනීම සඳහා සහන නිලධාරීන් උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බදු ක්‍රමවේදයක් අහෝසි කරයි . . .

Tue Jun 6 , 2023
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x