තමන් ජීවත් වන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැප වී වැඩ කරන බවට ප්‍රතිඥා දෙන්නේ යැයි රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි.
තමන් දේශපාලනයට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ බවත් ඔහු තම දේශපාලන ගුරුවරයා බවත් පැවසූ ඇය තමන් ඔහු සමග සැමදාම සිටින බවද කියා සිටියාය. ඇය මේ බව කියා සිටියේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඇතැම් අවස්ථාවල කිව්වද එසේ කියන්නේ දේශපාලනයෙන් සමුගන්න ගැනීමට නොවන බව ද මඩ ගසන බොරු කියන අය ලබන සතුටක් දීමට බවත් ඇය තව දුරටත් කියා සිටියාය.