මවගේ ගෑස් ලොරිය පුත්‍රයා සොරකම් කරයි . . .

ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ නිවසට ඇතුළුවි ඇති සැකකරු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවට අනාවරනය වෙයි.

මෙම ව්‍යාපාරික කාන්තාව නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී පරික්ෂණ ආරම්භ කල පොලීසිය විසින් ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයාවූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථ ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ ලොරි රථය නවතා ඇති අවස්ථාවක, නිවසේ කිසිවෙකු නොමැති බවට සැලවීමත් සමඟ පැමිණ ඇති වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු නිවසේ දොරගුළු බිඳ ගෑස් සිලින්ඩර තොගයක් ලොරි රථයට පටවා රැගෙන ගොස් ඇති බවට පරික්සණ වලින් අනාවරනය වෙයි.

කොල්ලකෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය සැකකරු විසින් ඔහුගේ නිවසේ සඟවා තිබී ඇති අතර, සැකකරු ගෑස් සිලින්ඩර වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සැලසුම් කොට තිබූ බවත් බවටද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

සැකකාර වැඩිමල් පුත්‍රයා මෙලෙස සිදුකොට ඇත්තේ මව විසින් සිදුකළ දේපළ බෙදාදීම සම්බන්ධයෙන් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටත් නෙළුක්කුලම පොලිස් ස්ථානාධිපති සී.එම්.පි.ආර්.කේ දිවුල්වැව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි . . .

Mon Jun 5 , 2023
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි. යොහානි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x