පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි.
පොලිසිය සඳහන් කරන්නේ නීති විරෝධී කටයුත්තක් කිරීමට හෙළිකොප්ටරයෙන් පිරිසක් පැමිණි බවට ප්‍රදේශවාසීන් සැක කිරීම නිසා මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබූ බවයි.
පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයකින් එසේ පැමිණ තිබුණේ පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් කර ගැනීමට බව ද පොලීසිය සඳහන් කළේ ය.
එම රෝගියා ඇතුළු පිරිස වාහනයකින් පෙරවරුවේ එහි පැමිණියද ආපසු යාමට රෝගියාට ඇති අපහසුතාවය මත පෞද්ගලික සමාගමක හෙලිකොප්ටරයකින් ඥාතීන් විසින් මුදල් ගෙවා ගෙන්වාගෙන තිබිණි.
මෙම හෙලිකොප්ටර් යානය ආසන්න පාසලක ක්‍රීඩා පිටියකට ගොඩ බැසීම සමග එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවින.
පසුව පොලිසිය මැදිහත් වී කරුණු අවබෝධ කර දුන් පසු එම නොසන්සුන් තත්ත්වය සමනය වී තිබේ.