ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කේනි පොලිසියේ උපදෙස් මත ජයපුරම් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාමල් රාජපක්‍ෂගේ විදේශ ගමන් තහනම ඉවතට . . .

Wed Jun 7 , 2023
ගාලුමෝදර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබුවා. මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x