යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, මාමුනෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ අද කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක් නිරීක්‍ෂණය කළ බවත් එහිදී එම උර හතර තුල පාර්සල් 53 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 128 ග්‍රෑම් 100 ක පමණ තොගය භාරයට ගැනීමට හැකි වූ බවත් නාවික හමුදාව කීය.
නාවික හමුදාව ක්‍රියාත්මක කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 42 කට අධික අධික යැයි පැවසූ නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගෙන ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
- යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක