ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි ඒ ප්‍රකාශය කළ රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
“මට ගෙවල් දෙන්න පුලුවන්ද. එක එක අයට ගෙවල් දෙන්න මම කවුද” යනුවෙන්ද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි .
ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙසේද සඳහන් කළේය.
විදේශ බෙදුම්වාදයේ කුලී හේවායෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. රාසමාණික්කම් කියලා. එතුමා මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න හරි අකමැතියි. එයාට හැමදාම ඕන මේකෙ එල්ලිලා දේශපාලනය කරන්න. කවුරුහරි මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. අපි වැඩක් කරනකොට ඒකට බාධා කරනවා. එතුමා කුලී හේවායෙක්. බෙදුම්වාදය වෙනුවෙන් කහිනවා. ඊයේත් කැස්සා.
ගෝඨාභයට මම ගෙයක් දුන්නා කියල ඔහු ඊයේ මෙතන කියලා තියෙනවා. මට ගෙවල් දෙන්න පුලුවන්ද. මම කවුද ගෙවල් දෙන්න. මම රස්සාවක් විදියට දේශපාලනය තෝරගෙන ආපු මිනිහෙක් නොවෙයි. මම ජීවත් වෙන්නේ ටැක්ස් ගෙවලා හම්බකරපු සල්ලි වලින් හදපු ගේක. මම කවදාවත් රජයෙන් ගෙවල් වල ජීවත් වෙලා නැහැ. පිටරටින් එන නිලධාරීන්ට ආගන්තුක සත්කාරය කරන්න මහාචාර්ය ජී එල් පීරිස් හිටපු නිවසෙ විතරක් ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ වගේ තුට්ටු දෙකේ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම ගෞරවයක් තියෙනවා. මම නිවසක් කාටවත් දීලා නැහැ.
- සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න