ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වේ . . .

ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් අනිද්දා (10) සිට  ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (7) සවස ෆැක්සි මගින් ජනාධිපති කාර්යාලයට යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

සති කීපයක් විදෙස් ගතව සිට යළි දිවයිනට පැමිණි ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වීම යොමු කර ඇති අතර ඊයේ සහ අද දිනවල ටිකිරි කොබ්බෑකඩුව ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතුවල නියැලී සිටියේය.

සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක ඉදිරියේ දිවුරුම්දීමට බොහෝ විට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ටිකිරි කොබ්බෑකඩුව ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව ජනාධිපති ලේකම්කාර්යාලෙයේ උසස් නිලධාරියෙක් සනාථ කළේය.

  • අජිත්ලාල් ශාන්ත උදය අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තවමත් පාලනය නොවූ බිත්තර මිල . . .

Thu Jun 8 , 2023
දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x