මන්ත්‍රීවරුන් 225 ට බදු ලිපිගොනු . . .

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන්  බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

එමෙන්ම දේශපාලනයට පිවිසෙන සියලු දෙනා  වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක්   ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන්නේ යැයි  පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද   බදු ලිපිගොනු විවෘත කළ යුතු බව ප්‍රකාශ කළේය.

‘රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් කුකුසක් ඇති වෙන්න දෙන්න බැහැ” යැයිද  ඔහු පැවසුවේය.

සියඹලාපිටිය මෙසේ පැවසුවේ  ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය

ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18 ට වැඩි  වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බව පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බවද  සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාවට  මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බව ඔහු කීවේය.

බදු ගැන ඇහුවාම අද බොහෝ දෙනා  බිය වන බවත් ඒ බියද  නැති කළ යුතු බවත්  සියඹලාපිටිය පැවසුවේය.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිමල් ලන්සා පුත්තලමෙන් ඡන්දය ඉල්ලයි . . .

Thu Jun 8 , 2023
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇමැති නිමල් ලන්සාට එළිපිටම කැපීමට පටන් ගෙන ඇත්තේ එළැඹෙන මහා මැතිවරණයේදී නිමල් ලන්සා ගම්පහ අත හැර පුත්තලමෙන් ඡන්දය ඉල්ලීමට තීන්දු කර ඇති නිසා යැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.  සනත් නිශාන්ත හැර පුත්තලම නියෝජනය කරන අනෙක් මන්ත්‍රිවරුන් තිදෙනාම මේ වන විටත් ලන්සා සමග සිටින බවත් ඔවුන් ලන්සා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x