බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන් . . .

කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.

මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයකදී ලැබීමට නියමිත බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් පැවසීය.

මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරෙන බවද එමගින් මාසයක් වැනි කෙටිකාලයකදී බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන හෙයින් මෙසේ රක්කවන ලද බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිකුණාමලයට පැමිණි දැවැන්තයා . . .

Thu Jun 8 , 2023
සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ. සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත. මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලය වරායට පැමිණි සංචාරකයන් පිරිස අද (08) දිනයේ ත්‍රිකුණාමලය අවට සංචාරය කර පසුව නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x