අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා . . .

තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි.

දෙණියාය පල්ලෙගම විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ දී අදාළ සිසුවා වෙනුවට ඔහුගේ බාල සොහොයුරා වෙනුවට සැකකරු විභාගයට පෙනී සිට ඇතැයි පැවැසේ.

සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සූදානම්ව සිටියදී ශාලාධිපතිවරයා සිදු කළ දැනුම් දීමකින් පසු ඔහු අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය කියයි . මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පී.ටී.කොටස, එන්සල් වත්ත, දෙණියාය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලික ආයතනයක සේවය කරන අයකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

සිය වැඩිමහල් සොයුරා දමිළ මාධ්‍යයෙන් මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට දෙවන වරට මුහුණ දී ඇති අතර  ඔහුට පිළිතුරු ලිවීමට සිදුවී තිබුණේ ඔහුගේ දෙවන බස වන සිංහල විෂය බව පොලීසිය කියයි.

  • එස්. ඩී. කොඩිකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට . . .

Fri Jun 9 , 2023
ලංකා සතොස විසින් අද (09 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇත. රතු කැකුළු සහල් රුපියල් 6කින් මුං ඇට රුපියල් 325කින් වියළි මිරිස් රුපියල් 60කින් හාල්මැස්සන් (තායි) රුපියල් 10කින් රතු පරිප්පු රුපියල් 15කින් රතු නාඩු සහල් රුපියල් 15කින් තිරිඟු පිටි 10කින් සෝයා මීට් (තොග) රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x