‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ . . .

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීමක් මෙහි දැක්වෙයි. ‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ.

වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකි පොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔබ, ‘මංකිපොක්ස්’ බවට සැක කල හැකි රෝගියෙක් ද? ‘මංකිපොක්ස්’ රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases – Monkeypox)

වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්

සමඟ,

හිසරදය

එක්වරම හටගත් උණ

වසාගැටිති ඉදිමුම

මස් පිඩු වේදනාව

කොන්දේ වේදනාව

තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් ‘මංකි පොක්ස්’ ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරිස් ජොන්සන් ඉල්ලා අස් වෙයි . . .

Sat Jun 10 , 2023
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත. තමන් ඊයේ (09) සිට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු කියා සිටි අතර ඔහුට චෝදනා එල්ල වූයේ කොරෝනා වසංගතය පැවති සමයේ බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ බවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x