මහ කන්නයේ සිට පොහොර මිල අඩුවේ . . .

ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ (10) තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවකට සහභාගි වෙමිනි.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර යන ප්‍රදේශවල දී ආරම්භ වූ අතර ඒ සඳහා පැවැති ගොවි ජන හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“පසුගිය කාලයේ පොහොර ඇටයක්වත් ගොවි ජනතාවට ලැබුනේ නැහැ. එවැනි වකවානුවක අපි 2022 යල කන්නයේ දී යුරියා පොහොර ගොවි ජනතාවට ලබා දුන්නා. ඒ වනවිට වෙළෙඳ පළේ යුරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් ඉක්මවා ගොස් තිබුනා. නමුත් අපි රුපියල් 10,000ට දුන්නා. ඒ සමගම පුද්ගලික අංශය විසින් පොහොර මිල අඩු කිරීම නිසා මේ වනවිට යුරියා මිල රුපියල් 11,000 දක්වා අඩු වුනා.

නමුත් පසුගිය මහ කන්නයේ අපි ගොවීන්ට බන්ඩි පොහොර හා යුරියා පොහොර දෙකම දුන්නා. ඒ වගේම මෙවර යල කන්නයේ අපි රජය වශයෙන් මඬ පොහොර සියලු ගොවීන්ටම නොමිලයේ දුන්නා. වගා කන්න තුනකට පසුව මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත්තා.

පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ට ලබා දුන් බන්ඩි පොහොර අපි මෙවර රුපියල් 15,000 දක්වා රුපියල් 4,500දක්වා අඩු කළා.

ඒ වගේම ලබන මහ කන්නයේ දී අපි යුරියා ‌ පොහොර මිල තවත් අඩු කරනවා. දැන් පුද්ගලික අංශයේ පොහොර මිල වැඩි කර තිබෙනවා. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවක් අද වරායට ආවා. අපී මේවා ලබන සඳුදා සිට සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලට යවනවා.

ඒ වගේම අපි ලබන 15 දා සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කරනවා. එවිට පුද්ගලික අංශයටත් මිල අඩු කරන්න සිදු වේවි.

කොහොම වුනත් ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000 ට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. එතකොට ගොවි ජනතාවට එම වරප්‍රසාදය භුක්ති විදින්න ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සම්බන්ධන්ලාගෙන් රනිල්ට රතු එළියක් . . .

Sun Jun 11 , 2023
ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x