ලොව වටා පයින්ම යන අපූරු විදේශිකයෙක් . . .

ලෝකය හරිත උයනක් කරන්නට පා ගමනින් ලොව වටා යන පරිසරහිතකාමී අපූරු මිනිසෙක් මේ දිනවල ලංකාවට පැමිණ සිටියිමොහු ඇන්තනී ස්ටෝන් නම් 52 හැවිරිදි දකුණු අප්රිකානු ජාතිකයෙකි.

ගාල්ල, කඹලාන ප්රදේශයේ සංචාරක හෝටලයක දැනට නතරවී සිටින මෙම විදේශිකයා, ලංකාව වටා පාගමනින් යන්නට තීන්දු කර තිබේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඔහු රෝද දෙකක් තියෙන පොඩි ටේලර් එකක් බඩේ බැඳගෙන රික්ෂෝවක මෙන් ගමන් කරයි.

ඔහු සතු සියලු දේ ඒ මල්ල තුළ බහා තිබේ. තමන්ගේ ගමන් විස්තරය ලෝකයට කියන්නට ඔහු යූටියුබ් නාලිකාවකද ගමන් විස්තර උඩුගත කරන අතර, ඒ තුළින් උපයන මුදලින් ගස් සිටුවීම ඔහුගේ අභිප්රායකි.

‘‘පරිසර හිතකාමී අරමුණට මම ලොව වටා රටටවල පයින් ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා එක ගහක් වැලක් හරි හිටවන්න උනන්දු කරනවා ඔහු පවසයි.

‘‘මේ ගමනට මට ගොඩක් අය උදව් කරනවා. සමහර හෝටලවල හිටියට බිල් ගත්තේ නෑ. ලෙංගතු මිනිසුන් සිටින ලංකාවේ ද ගහක් වැලක් සිටවන්න මම මේ යන සංචාරයේ දී පා ගමනින්ම ගිහින් ජනතාවට කියනවා…’ ඔහු පවසයි.

රටවල් සිය ගණනක ගමක් ගමක් පාසා ගමන් කරන ඇන්තනී ස්ටෝන්, වසර 30කට අධික කාලයක් පුරා ලොව විවිධ රටවල ගස්වැල් සිටුවන්නට හරිත මෙහෙවරක් කරන පරිසරයට ආදරය කරන සැබෑම පරිසරහිතකාමියෙකි.

  • gossiplankanews
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ හදිසි මෙහෙයුමක් . . .

Mon Jun 12 , 2023
ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x