සම්බන්ධන්ලාගෙන් රනිල්ට රතු එළියක් . . .

ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවත් මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එම් . ඒ සුමන්තිරන් යන මහත්වරු ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටිය බවද සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.

රෝගාතුව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු පොසොන් පෝය දින නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි සිය පක්ෂය අපෙක්ෂා කළද ඔහුව නිදහස් නොකළ බව කී සානක්‍යන් මන්තී‍්‍රවරයා සිය සන්ධානය වසරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටින බවද එහෙත් සිය සන්ධානය ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලටවත් මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද පැවසුවේය.

  • ලක්ෂ්මී ජයකොඩි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව වටා පයින්ම යන අපූරු විදේශිකයෙක් . . .

Sun Jun 11 , 2023
ලෝකය හරිත උයනක් කරන්නට පා ගමනින් ලොව වටා යන පරිසරහිතකාමී අපූරු මිනිසෙක් මේ දිනවල ලංකාවට පැමිණ සිටියි. මොහු ඇන්තනී ස්ටෝන් නම් 52 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතිකයෙකි. ගාල්ල, කඹලාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක දැනට නතරවී සිටින මෙම විදේශිකයා, ලංකාව වටා පාගමනින් යන්නට තීන්දු කර තිබේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඔහු රෝද දෙකක් තියෙන පොඩි ටේලර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x