ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන දැනුම්දීමක් . . .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා දැනුම්දීමක් සිදුකර තිබේ.  

එමෙන්ම ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුද්ගලයින් හට සිය ජීව දත්ත (CV) ඉදිරිපත් කරන ලෙසද එම කාර්යාංශය දැනුම්දී තිබේ.

ජීව දත්ත (CV) ඉදිරිපත් කිරීමට පිවිසිය යුතු ලිපිනය පහතින්, https://services.slbfe.lk/jobbank/specialjobs?%22

මීට අමතරව සෞදි අරාබියේ ඉදිකිරීම් අංශයේ රැකියා ලබාදීමට පවත්වන ලද සමීක්ෂණය සඳහා දැනටමත් තොරතුරු ලබා දී ඇති පුද්ගලයින් මේ හරහා තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද සඳහන් වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බරට විකුණන බිත්තර . . .

Mon Jun 12 , 2023
රජයේ පාලන මිල නොතකා බිත්තර බරට කිරා අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ද එයින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මෙම තත්ත්වය හේතුවෙන් පාලන මිලට වඩා අධික මිලක් ගෙවා බිත්තර මිලට ගැනීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති. ඒ අනුව, බිත්තර කිලෝවක් මිලදී ගැනීමේදී පාලන මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x