යාපනේ සතියට දින 2ක් ටියුෂන් තහනම් . . .

ජූලි මස 1 වන දා සිට යාපනයේ පළමු වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී පෞද්ගලික පන්ති පැවැත්වීම යාපනය දිසාලේකම් අම්බලවානර් සිවපාලසුන්දරම් විසින් තහනම් කරනු ලැබ තිබේ.

මෙම පන්තිවලට අයත් සිසුන්ට පෞද්ගලික නිවාසවල ද සිකුරාදා හා ඉරිදා දිනවලදී පන්ති නොකරන ලෙස දිසාලේකම්වරයා දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන්, අධ්‍යාපනඥයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් කැඳවා දිසාලේකම්වරයා කළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

නව වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට පෞද්ගලික පන්ති සිකුරාදා හා ඉරිදා දිනවලදී පැවැත් වෙන්නේ නම් එම පන්තිවල අවම වශයෙන් එක් විෂයක් පැවැත්වෙන කාලයේදී අමතර විනාඩි 30ක කාලයක් තුළ කලාව, සෞන්දර්ය හා සදාචාරය පිළිබඳව ඉගැන්වීම් කළ යුතු බව ද දිසාලේකම්වරයා පවසයි.

ඊට අමතරව යාපනයේ නව වැනි ශ්‍රේණියෙන් පහළ සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනයන් නොවන දිනවලදී පෞද්ගලික පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් කාරණා හයට යටත් වන අන්දමට පන්ති පැවැත්විය යුතු බව යාපනය දිසාලේකම්වරයා නිර්දේශ කරන අතර එම කොන්දේසි මෙසේ ය.

මවුපියන් දැනුවත් කිරීමේ පළමු සැසි පෞද්ගලික අධ්‍යාපන ආයතන ආශ්‍රිතව පැවැත්විය යුතු ය. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පූර්ණ සහයෝගය අවශ්‍ය වේ.

9 වන පන්තිය දක්වා සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන කටයුතු ඉරිදා දිනවල සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය.

අධ්‍යාපන ආයතන සෞඛ්‍ය පහසුකම්, පන්ති කාමර පහසුකම්වලින් සමන්විත විය යුතු අතර රජයේ ගොඩනැගිලි පෞද්ගලික පන්ති සඳහා යොදා නොගත යුතු ය.

පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ නිර්වචනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කර නිකුත් කරනු ලැබේ. අධ්‍යාපන ආයතන පළාත් පාලන ආයතනයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

පෞද්ගලික අධ්‍යාපන ආයතන ආධ්‍යාත්මික හා සමාජීය ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට විනාඩි 15ත් 30ත් අතර කාලයක් වැය කළ යුතු ය.

පෞද්ගලික අධ්‍යාපන ආයතන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමික නියෝජිතයන්, ළමා ශුභසාධන නිලධාරීන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ සංගමයක් පිහිටුවාගෙන මෙම කටයුතු නිසි ලෙස සිදුවන බව නිරීක්ෂණය කළ යුතු ය.

  • වවුනියාව – රසාදි චතුරංගි ගමගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හෙට සිට පාස්පෝට් ලැබෙන අලුත්ම ක්‍රමය . . .

Wed Jun 14 , 2023
හෙට (15) සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බවය. මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x